ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට තමා සාකච්ඡා කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති, තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා අද (28දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
එහිදී අදහස් දැක්වූ සනත් ජයසූරිය මහතා,
"මහේල ජයවර්ධන ටෙස්ට් පිටියෙන් සමුගත්තාම ඔහු වෙනුවෙන් මුද්දරයක් නිකුත් කරනවාද කියන ප්‍රශ්නයක් මාධ්‍ය සාකච්ඡාවලදී පැන නැගුණා. මම හිතන්නෙ ජීවන් කුමාරතුංග ඇමතිතුමා මාධ්‍යයට කිව්වා ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කළොත් ඒගැන සලකා බලලා ඒ ගැන තැපැල් අමාත්‍යාංශය තීරණයක් ගන්නවා කියලා.
මම ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති වගේම, විධායක කමිටුවේ සාමාජිකයෙක් හැටියට ඊළඟ විධායක කමිටු රැස්වීමේදී ඒක සාකච්ඡා කරලා තැපැල් අමාත්‍යතුමාව ක්‍රිකට් ආයතනයේ තීරණය පිළිබඳ දැනුවත් කරන්න කටයුතු කරනවා." යැයි පවසා සිටියේය.