ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තමන් ක්‍රීඩා කළේ අවසන් ඉනිම බවත්, ඒ පිළිබඳව දුකක් පවතින බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරු මහේල ජයවර්ධන සඳහන් කරයි.
පාකිස්තානයට එරෙහිව ඊයේ ගාල්ලේදී අවසන් වූ ටෙස්ට් තරගය මහේල ගාල්ලේදී ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරගය වූ අතර තරගය ජයග්‍රහණය කිරීම පිළිබඳව සිය ට්විටර් ගිණුම හරහා අදහස් ප්‍රකාශ කරමින් මහේල මේ බව සඳහන් කර තිබේ.
ගාල්ලට ස්තූතිවන්ත වන බවත්, ගාල්ලේදී තමන්ට හොඳ මතකයන් රාශියක් පවතින බවත් ඒවා නිරන්තරයෙන් මතක් වෙනු ඇති බවත් මහේල වැඩිදුරටත් සිය ට්විටර් ගිණුම හරහා කියයි.