බංග්ලාදේශය සමග පන්දුවාර විස්සයි20 තරගය සඳහා පුහුණුවීම් සිදුකරමින් සිටි මහේල ඊයේ (11දා) අබාධයකට ලක්වීම හේතුවෙන් අද (12දා) යළි දිවයිනට පැමිණීමට නියමිතය.
මහේල මීට පෙරද අබාධයකට ලක්වූ අතර, ඊයේ (11දා) පුහුණුවීම් අතරතුරදී නැවත මෙලෙස අබාධයට ලක්ව ඇත. කෙසේ වෙතත් මහේලගේ අබාධය හේතුවෙන් හිස්වන ස්ථානයට කිසිවෙකු ඇතුළත් කිරීමට ශ්රී ලංකා තේරීම් කමිටුව කටයුතු නොකරන බවද වාර්තාවේ.
මහේල සංචිතයෙන් ඉවත්වීම නිසා අද ආරම්භවීමට නියමිත පළමු පන්දුවාර විස්සයි20 තරගයේදී ඇන්ජලෝ පෙරේරාට කණ්ඩායමේ ස්ථානය හිමිවීමට වැඩි ඉඩක් පවතී.