ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර බංග්ලාදේශයේ මීර්පූර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද සිය 33වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට මහේල ජයවර්ධන දැන් සමත්විය.
පන්දු 166කට මුහුණ දී ඇති මහේල මේ වනවිට ලකුණු 106ක් රැස්කරගෙන සිටියි. ඔහු සමගින් හයවැනි කඩුල්ලට ලකුණු 126ක සබඳතාවක් ගොඩනගාසිටින නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 61ක් රැස්කරගෙන සිටියි. ශ්රී ලංකා කණ්ඩායම මේවන විට කඩුලු 5ක් බිඳවැටී ලකුණු 501ක් රැස්කරගෙන බංග්ලාදේශයට වඩා ලකුණු 270ක් ඉදිරියෙන් සිටියි.