එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය විසින් ලබාගෙන තිබීම පිළිබඳව සොයා බලන බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (23දා) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බලපත්‍රය උසාවියකට ලබාගැනීමට ඉඩ නොදෙන බවට කථානායකවරයා මීට පෙර ලබාදුන් ප්‍රතිඥාව කඩවී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළ අවස්ථාවේදී කථානායකවරයා මේ බව පැවසීය.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර මෙවැනි සිද්ධි සම්බන්ධව මීට පෙර එකඟතාවකට පැමිණි බවත්, එම එකඟතාවය කඩවී ඇත්තේ කෙසේදැයි තමා සොයා බලන බවත් කරු ජයසූරිය මහතා පවසා සිටියේය.