පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය අද (27) නියෝග කළේය. රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 4ක් මත ඔහු මුදා හැරීමට නියෝග කළ අතර කොළඹ 7 ප්රදේශයේ නිවසක් මිලට ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ බන්ධනාගාර ගතකර තිබිණ.