එංගලන්තයේ ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර්හි සිදු වූ ප්‍රහාරය තදබල ලෙස හෙළා දකින බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීම මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා සාමූහිකව කටයුතු කළ යුතු බවයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ලන්ඩන් ප්‍රහාරය හෙළා දැක්කේය. ත්රස්තවාදයට දේශ සීමා නොමැති බවත් එය වැළැක්වීම සඳහා ලෝකයම එකට එක්ව කටයුතු කළ යුතු බවත් හිටපු ජනපතිවරයා සඳහන් කළේය.