හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය සරම්ප රෝගයට ගොදුරුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් සමග නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"නව ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමේ යෝජනාවෙන් ඉවත්ව සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය පමණයි. ඇතැම් පක්ෂවල මහජන නියෝජිතයන් ඊට එකඟත්වය පළකරමින් කඩාකප්පල් කිරීමේ උත්සාහයකද නිරත වෙනවා. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගත් මම සාකච්ඡා කළා. එතුමා ඉන්නෙත් අවංක ස්ථාවරයක. ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඉන් පහසුවෙන් ජය ගැනීමට යහපාලන රජයට හැකියාව තිබෙනවා.
නව ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට සාධාරණත්වයක් ඉටුවිය යුතු ආකාරයට එය සකස් කරනවා. නව ව්‍යවස්ථාවෙන් රට බෙදීමක් සිදුවන්නෙ නැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බලය බෙදීම ගැන අවබෝධයක් නැහැ. හැබැයි බලය ඩැහැගැනීමට නම් අවබෝධය තිබෙනවා. නව ව්‍යවස්ථාවේදී බුද්ධාගම රාජ්‍ය ආගම වන අතර, සියලු ආගම්වලට සාධාරණත්වය ලබාදීමේ යෝජනාවක් ඇතුළත්.
ඇල්බට් අයිස්ටයිම්න් වරෙක ප්‍රකාශ කර තිබෙනවා ඊනියා දේශප්‍රේමියා රෝගියෙක් කියලා. ශරීරය පුරා පැතිර යන සරම්ප රෝගියෙක් ලෙස ඊනියා දේශප්‍රේමියා ඔහු හඳුන්වාදී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයත් ඒ ආකාරයට සරම්ප රෝගයට ගොදුරු වී ඇති බවයි මට ප්‍රකාශ කරන්නට තිබෙන්නේ” යැයි පවසා සිටියේය.