පසුගිය ජනපතිවරණයේදී මැතිවරණ කටයුතු සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ යොදා ගැනීම වෙනුවෙන් අයවිය යුතු රුපියල් කෝටි 14කට අධික මුදලක් නොගෙවීම හේතුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා අද (13දා) නොතීසි නිකුත් කළේය. එළැඹෙන වසරේ මාර්තු 10දා ඔවුන්ට අධිකරණයේ පෙනී සිටින්නැයි පැවැසීය.