මහින්දට මට වඩා ආරක්ෂාවක් ඇයි - චන්ද්‍රිකා
වර්තමානයේ ශ්‍රී ලංකාවේ යහපත් ආරක්ෂක තත්ත්වයක් පවතින බැවින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට තමන්ට වඩා ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ මන්දැයි තමන්ට නොවැටහෙන බව හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශකර තිබේ.
එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබල තර්ජන මධ්‍යයේ පවා මහින්ද රාජපක්ෂ පරිපාලනය 2007 දී තම ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කළ බවද හිටපු ජනාධිපතිනියසිය නිවේදනයේ සඳහන්කර තිබේ.
හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත් රීමහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකිරීම සම්බන්ධයෙන් ඇතැම්පාර්ශ්ව මතුකරන විරෝධයන් පිළිබඳව අවධානය යොමුකරමින් චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනපතිනිය මේබව ප්‍රකාශ කර ඇත.
රාජපක්ෂ පාලනය 2007 සැප්තැම්බර් මාසයේදී එම ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත්කළ බැවින් මාස දෙකක් පුරා තමන්ට කිසිදු ආරක්ෂාවක් නොතිබුණ බවද එම නිවේදනයේ සඳහන් වේ.
ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ උද්ඝෝෂණ සහ විදේශීය රටවල් කිහිපයක බලපෑම් හේතුවෙන් රාජපක්ෂ පරිපාලනය තමන්ට ආරක්ෂක භටයන් 40ක් සහ ඉතා අයහපත් තත්ත්වයේ පැවති ආරක්ෂක රථ පහක් ලබාදුන් අතර, තවමත් තමන්ට ලබා දී තිබෙන්නේ ඒ හා සමාන ආරක්ෂාවක් බවද හිටපු ජනපතිවරිය ප්‍රකාශ කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

