මහින්දට බෑ කියන අය චන්ද්‍රිකාට බෑ කියන්නේ නෑ - ඩලස්
"අද ජනාධිපතිතුමාට තුන් වරක් තරග කරන්න බැලු. හැබැයි පොදු අපේක්ෂක ගොඩේ ඉන්න චන්ද්‍රිකා මැතිනියට බෑ කියලා කවුරුත් කියන්නෙ නෑ. මහින්දට බැරිනම් එයාටත් බැරි වෙන්න එපැයි" යැයි යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"මැතිවරණයේදි ඒ සියලු බලවේග එකතු වෙනවා. 2010 කවුද හිතුවෙ ජ.වි.පෙ එකයි දෙමළ ජාතික සංවිධානයයි එකතු වෙයි කියලා. ෆොන්සේකා මහත්තයයි දෙමළ ජාතික සංවිධානයයි එකතු වෙයි කියලා. හැබැයි එකතු වුණා නෙමෙයි එකතු කරා. අපේ රටට එළියෙන් ඉන්න බලවේග මේ අය එකතු කරා. දැන් මොකක්ද ඒ අය කියන්නෙ? එක සටන් පාඨයයි තියෙන්නෙ. ශ්‍රී ලංකාවෙ ප්‍රජාත්‍රන්තවාදය නෑ. නිදහස් මැතිවරණ නෑ. මාධ්‍ය නිදහස නෑ. එක පවුලයි රට පාලනය කරන්නෙ. ඒ නිසා ප්‍රජාත්‍රන්තවාදය ගේන්න, මාධ්‍ය නිදහස හා මැතිවරණ නිදහස ගේන්න, මහින්ද රාජපක්ෂ ගෙදර යවන්න ඕනලු. එහෙම කියපු පළමු රට ලංකාව නෙමෙයි. අපි දැක්කා ඉරාකයට, ඊජිප්තුවට, ලිබියාවට වෙච්ච දේ. ඒ නිසා මේ අයගේ බලාපොරොත්තුව එයයි." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

