හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මහ මැතිවරණය සඳහා සන්ධානය සමග තරග කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කැමැත්ත ප්‍රකාශ කළත්, ඒ පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරය පවතින්නේ අපහැදිලි ස්ථානයක බව 'ද හින්දු පුවත් සේවය' සඳහන් කරනවා.
සන්ධානයේ මහ ලේකම් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මහතා පසුගිය සිකුරාදා නිකුත් කළ නිවේදනයෙන් පසුව ඒ පිළිබඳව මේ වන තෙක්ම ජනපතිවරයා නිහඩව සිටීම මෙම ගැටලුව තවත් උත්සන්න කරන්නක් බවද එම පුවත්සේවය පවසනවා.
එසේම සෙනසුරාදා හා ඉරිදා පැවැති උත්සව වලදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ ප්‍රකාශද එම තත්ත්වය මනාව පැහැදිලිව පෙන්වන බව පුවත් වාර්තාවේ සඳහන් වෙනවා.
ජනතාව ජනවාරි 8 වැනිදා සිදුකළ නිහජ විප්ලවය ආපහු හැරවීමට කිසිඳු අයුරකින් කටයුතු නොකරන බවත්, පවුල් පාලනයට හා දූෂණයට නැවත ඉඩනොදෙන බවත් ජනපතිවරයා ඒ දිනවල ප්‍රකාශ කර තිබුණා.