18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් දැනට ජනාධිපති ධුරය හොබවන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි වරටත් ජනාධිපතිවරණයක් සඳහා තරග කිරීමට හැකියාවක් තිබේද? නොතිබේද? යන්න විමසා බැලීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විදේශීය නීති විශාරදයන්ගේ මතය විමසා ඇති බව එම සංගමයේ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු අදහස් විමසා ඇති බවත්, ඔහුගේ මතය මේ මස 18 වැනිදා නීතිඥ සංගමයේ ශ්‍රවණාගාරයේදී අනාවරණය කිරීමට නියමිත බවත් එම සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා පැවසීය.
මහාචාර්ය සුරි රත්නපාල මහතා දැනට Queensland විශ්වවිද්‍යාලයේ මහජන නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන බවත්, ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය සම්බන්ධයෙන් ප්‍රවීණයෙකු වන බවත්, ඒ හා සම්බන්ධව ග්රන්ථ රැසක් රචනා කර ඇති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට තුන්වරක් තරග කිරීමේ හැකියාවක් නොමැති බවට හිටපු අගවිනිසුරුවරයා සිදුකර ඇති ප්‍රකාශයත් සමග ඒ සම්බන්ධයෙන් රටේ සමාජ, දේශපාලන කතිකාවක් නිර්මාණය වී ඇත.
මෙම වාතාවරණය යටතේ තම සංගමය විදේශීය නීතිවිශාරදයන්ගේ මතය විමසීමට තීරණය කළ බව නීතිඥ සංගමය වැඩිදුරටත් පවසයි.