පසුගිය රජය සමයේ හිටපු ජනාධිපතිවරයා, මුදල් අමාත්‍ය සහ මහාමාර්ග ඇමති ධුර හොබවමින් මාර්ග සංවර්ධනයට ලබා ගත් රුපියල් බිලියන 55ක මුදලින් රුපියල් බිලියන 28 ක මුදලක් වෙනත් කාර්යයන් සඳහා යොදවා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේපිළිබඳ තවදුරටත් කරුණු සොයන බවඳ අග්‍රාමාත්‍ය වැඩිදුරටත් පැවසීය. මහනුවර - පන්විල රාජසිංහ විද්‍යාලයේ අද (30) පෙරවරුවේ පැවැති ප්‍රථම හරිත භූමි ඉඩම් ඔප්පු ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේබව පැවසීය.