හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් ලෙස කටයුතු කළ උසස් හමුදා නිලධාරීන් තිදෙනෙකු අයථා අන්දමින් මුදල් උපයාගෙන ඇත්ද යන්න පරීක්ෂා කර බැලීම සඳහා ඔවුන් තිදෙනාගේ නම්වලින් බැංකු සහ මූල්‍ය ආයතන 72ක පවත්වාගෙන යන ගිණුම් පිළිබඳ වාර්තාවක් රහස් පොලීසියට ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා එම බැංකුවල කළමනාකරුවන්ට නියෝග කළේය.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදුකරන පරීක්ෂණයක් සඳහා අවශ්‍ය බව කියමින් රහස් පොලීසිය කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ ගිණුම්වල වාර්තා ලබාදීමට එම බැංකු හා මූල්‍ය ආයතනවලට එලෙස නියම කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් දමිත ගෝමින් රණසිංහ, කපිතාන් තිස්ස විමලසේන සහ මේජර් වන්නිආරච්චිගේ නෙවිල් නමැත්තන්ගේ නම්වලින් පවත්වාගෙන යන ගිණුම් පිළිබඳ විස්තර ලබාදෙන ලෙස මෙසේ නියම කෙරිණි.