මහනුරව නගර සීමාවේ පාගමන් තහනම් කරමින් මහනුවර මහේස්ත්රාත් බුද්ධික සී. රාගල මහතා අද (27දා) තනනම් නියෝගයක් නිකුත් කළේය. ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂ මන්ත්රීවරුන් හෙට (28දා) ආරම්භ කිරීමට නියමිත පාගමන මහනුවර නගර සීමාවෙන් පිටත සිට ආරම්භ කිරීමට සිදුව තිබේ.
එසේම එක්සත් ජාතික පක්ෂය මහනුරව නගරයේ ප්රවර්ධන වැඩසටහන් සිදු කරන්නේ නම් එය පස්වරු 2.00න් පසුව කිරීමටත් අධිකරණය නියෝග නිකුත් කොට තිබේ. එජාප හා ඒකාබද්ධ විපක්ෂයේ වැඩසටහන් හේතුවෙන් මහජන පීඩාවක් හෝ කලබලයක් ඇතිවේයැයි පවසමින් මහනුවර පොලීසිය කළ කරුණු දැක්වීමක් අනුව මහේස්ත්රාත්වරයා ඉහත නියෝගය නිකුත් කළේය.