මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ අයට ඇති ප්රශ්නවලට විසදුම් ඇත්තේ මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා අත පමනක් බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන ඇමති එස්.බී දිසානායක මහතා පවසයි.
එබැවින් ඔහු ශ්රීලංකා නිදහස් පක්ෂයට හා පාක්ෂිකයන් හට ආදරය දක්වන්නේ නම් කළ යුතුව ඇත්තේ බලය පිළිබඳ ආසාව අතහැර මෛත්රීපාල ජනාධිපතිවරයාට උදවු කිරීම බව පවසන ඇමැතිවරයා අවාසනාවකට මෙන් එවැනි තත්වයක් දක්නට නැතැයි සඳහන් කළේ බත්තරමුල්ලේදී දේශපාලන ක්රියාකාරින් පිරිසක් අමතමිනි.
එහිදි ඇමතිවරයා මෙසේද පැවසුවේය.
මේ තත්වය තේරුම් අරගෙන මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයට හා පාක්ෂිකයන්ට ආදරේනම් පැත්තකට වෙලා මෛත්රීට උදවු කරන්න ඕන. එතුමාගේ පවුලේ ප්රශ්නවලටත් විසඳුම තියෙන්නේ එතන. තවම එතුමා බලය පිළිබඳව අදහස අත ඇරලා නැහැ. ඒකයි මේ තියෙන අවාසනාව.
මොකක් හෝ වාසනාවකට මෛත්රී ඇවිත් මේ පක්ෂයේ නායකත්වය භාරගත්තා. ඉතිං ඒ භාරගත්ත එකේ වාසිය පක්ෂයට හා පාක්ෂිකයන්ට දෙන්න, දීලා මේ පක්ෂය රැකගන්න ඕන නම් හිටපු ජනාධිපතිතුමා පොඩ්ඩක් පස්සට ගිහිල්ල මේ පක්ෂය මෙහෙයවගෙන යන්න ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාට දෙන එකයි තියෙන්නේ. අවාසනාවට ඒක වෙන්නේ නැහැ. ඒකට ප්රධාන හේතුව බලය පිළිබඳ ආසාව එයා තවම අතහැරලා නැහැ.
හැබැයි අපේ නැවත නැවතත් මතක තියාගන්න ඕන මේ පක්ෂයේ බහුතරය ඉන්නේ එතුමා එක්ක. මෙතුමා ඒක පාවිච්චි කරනවා එතුමගේ හා එතුමගේ පවුලේ අයගේ ආරක්ෂාවට . ඒක හොඳද?