වර්තමාන ආණ්ඩුව ණය ලබාගන්නා බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 'කැත විදිහට' චෝදනා එල්ල කරන බවත්, වර්තමාන ආණ්ඩුව ණය ලබාගන්නේ මහින්ද රාජපක්ෂ මහතා අධික පොලියට ලබාගත් ණය ගෙවාදැමීමට බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
රාජපක්ෂ ආණ්ඩුව ලබාගත් රුපියල් බිලියන 9500 කට ආසන්න ණය මුදල වර්තමාන ආණ්ඩුවට ගෙවීමට සිදුව තිබෙන බවත්, මේ නිසා රුපියල කඩාවැටෙමින් තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය වී තිබෙන්නේ රට ණය උගුලෙන් ගලවා ගෙන රට ආර්ථික වශයෙන් දියුණු කිරීමට බවද හෙතෙම පවසා සිටියේය.
අද (29දා) සිරිකොත මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.