ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අමාත්‍ය ධුරයෙහි ඉදිරියේදී වෙනසක් ඇතිවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(16දා) හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් හිමිකම් පත් බෙදාදීම වෙනුවෙන් පැවැති උත්සවයට සහභාගි වෙමින් සඳහන් කළේය.
දැනටධීවර කැබිනට් ඇමති ධුරය මහින්ද අමරවීර මහතාටත්, එහි රාජ්‍ය ඇමති ධුරය දිලිප් වෙදආරච්චි මහතාටත්, දකුණු පළාත් ධීවර ඇමති ධුරය එච්.ඩබ්. ගුණසේන මහතාටත් හිමිව ඇති අතර, එම ධීවර ඇමති ධුර තුනම තංගල්ල ආසනයට ලැබීම හේතුවෙන් වර්තමාන ධීවර කැබිනට් ඇමැතිධුරයේ වෙනසක් ඇති කිරීමට ඉදිරියේ කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේය.
මේ අනුව රටටම වැඩක් කිරීමේ හැකියාව ඇති, විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනයට උපරිම සේවයක් ඉටු කළ හැකි අමාත්‍යාංශයක් මහින්ද අමරවීර මහතා වෙත ලබාදීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.