හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබෙන ආරක්ෂාව කිසි ලෙසකින් අඩු නොකරන බවත් මේ වනවිට හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂක නිලධාරීන් 256 දෙනෙකුගේ ආරක්ෂාව ලබාදී තිබෙන බවද ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මීට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහතාට හමුදා සාමාජිකයින් 50 දෙනෙකුගේ ආරක්ෂාව ලබා දී තිබෙන බවත් එහෙත් ක්රමානුකූලව මෙම දෙදෙනාගේ ආරක්ෂාවට සිටින හමුදා සාමාජිකයන් වෙනුවට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදවන බවද ඒ මහතා පවසා සිටියේය.