හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති ත්රිවිධ හමුදා නිලධාරින් ඉවත්කිරීමට රජය තීරණය කර තිබේ.
දේශපාලඥයින්ගේ ආරක්ෂාවට යොදවා ඇති ත්රිවිධ හමුදා සාමාජිකයින් ඉවත්කර ඒ වෙනුවට පොලීසිය යෙදවීමට කැබිනට් හමුවේදී හා ආරක්ෂක කවුන්සිලයේ ගත් තීරණයක් අනුව මෙය ක්රියාත්මක බවද වාර්තාවෙයි.
හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා නිලධාරීන් 50ක් සිකුරාදා දිනයේදී යුද හමුදා මූලසථානයට කැඳවා තිබේ.
"සිය පියාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ට්විටර් ගිණුමෙන් අදහස් ප්රකාශ කරන මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ යුද්ධය අවසන් කළ එකම නායකයා වන හිටපු ජනපතිගේ යුද හමුදා ආරක්ෂාව ඉවත්කිරීම රජය සාධාරණීකරණය කරන්නේ කෙසේද?" යනුවෙනි.