(update) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ සිට මේවනවිට ප්‍රකාශයක් කරමින් සිටියි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමාජිකයන් බොහොමයක් මැදමුලනට පැමිණ සිටියි. ප්‍රකාශය මෙසේය.
අධි ඇසල පොහොය පොහොය දිනය තුළ ඔබ මගේ ගෙදරට ඇවිල්ලා
එක්සක් ජනතා නිදහස් පක්ෂයේ පමණක් නොව සියලුම පක්ෂවල දේශප්‍රේමී ජනතාවට මා සමඟ අත්වැල් බැදගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා.
බහුතර ජනතාවගේ තීරණයට මම හිසනමපු ආකාරය ඔබ දන්නවා.
මම සැම තනතුරක්ම දරලා තියෙනවා. දින හතක් ඇතුලත මම පක්ෂයේ නායකත්වය භාර දුන්නා. නමුත් මම නායකත්වය ගත්තේ සම්මේලනයකින්. ඒකට මාස හතන් ගියා.
කිසිදවසක මම මගේ පක්ෂයට කිසිම ද්‍රෝහි කමක් කරලා නැහැ
පසුගිය මාස හය තුල ජාතික ආරක්ෂාවට ලොකු තර්ජනයක් වෙලා
රටේ නීතයට පිටින් නොයෙක් ආයතන පිහිටුවලා
රජයේ සේවකයින් පීඩනයට පත්කරලා. මහමඟට ඇදලා දාලා
දිනසියය ඇතුලත විරුද්ධ දේශපාලන මත දරන පුද්ගලයෝන්ගෙන් පලිගත්තා
සංවර්ධවය නැවතිලා .
අපි දේශපාලන වෛරය,පිලිගැනීම කුණුබක්කියට දැම්මා.
අපි ව්‍යවස්ථාවන් පිට කිසිම දෙයක් කලේ නැහැ.
අධිකරණයට අපහාස කළේ නැහැ
අපි කුණු කොල්ලෙට දාපු දේවල් නැවත අරගෙන තියෙනවා.
ඔබලා මෙහෙට ඇතිවිත් ආරාධනා කරන්නේ පළිගන්න නොවෙයි රට ගොඩනඟන්න
එදා නුගේගොඩින් ආරම්භකරපු ජනපවුර අද මහා බලවේගයක් බවට පත්වේලා මගේ ගේ දොරකඩටම ඇවිල්ලා
ඔබලා කරන මේ ඉල්ලීම ප්‍රතික්ශේප කරන්න මට අයිතියක් නැහැ.
රට වෙනුවෙන් අපි ඉදිරි මහ මැතිවරණයට අපි කරඟකළයුතුයි
නතර වුණ සියල්ල ගොඩනඟන්න අපේ ආණ්ඩුවක් ගොඩනඟන්න කටයුතු කරන්න ඔන
මේ වෙහෙසකර ගමනේ මාව අතනොහැරී සියලු දෙනාටම මම හිස නවනවා
සියලුම පක්ෂවල දේශප්‍රෙමී ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා අපිත් එක්ක අත්වැල් බැදලන්න කියලා
මෙම අවස්ථාවට විශාල ජනතාවක් එක්ව සිටියහ.