මහින්ද රාජපක්ෂ මහතා තවමත් හිතාගෙන සිටින්නේ තමන් රටේ ජනාධිපති ලෙස බවත්, ලක්ෂ 62ක ජනවරමක් ලබාගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, තවමත් ඔහු ජනාධිපති ලෙස නොදන්නා බව පෙන්නුම් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කළේය.
ලක්ෂ 62ක ජනවරමක් ලබාදුන්නේ දූෂණ වංචාව නැති කර රට ඉදිරියට ගෙන යෑමට බවත්, එහෙත් සිදුවූයේ හොර කණ්ඩායමක් එකතු කර ගෙන රට අගාධයට යන ආකාරයට කටයුතු කිරීම බවත් අද (30දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.