හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු කරන කාලයේ එකාබද්ධ විපක්ෂයක් තිබුණි නම් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය පමණක් නොව ජීවිතත් ඉතිරි නොවන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.
හම්බන්තොට මාගම්පුර වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකින් පසුව අමාත්‍යවරයා මේ බව පැවැසීය.
"අද එකාබද්ධ විපක්ෂය කියන අය මේ රටේ විශාල ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා. රටක විනයක් තිබිය යුතුයි. පක්ෂයක විනයක් තිබිය යුතුයි. විනය නැති කිසිම තැනක සාධාරණත්වය හෝ යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නවා පක්ෂයට ආදරේ නම් විනය ඉතාම ඉක්මනින් ආරක්ෂා කළ යුතුයි."