ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඇති කර ගනු ලබන කුමන ආකාරයක ගනුදෙනුවක් හෝ වේවා එය කිසිසේත් අනුමත නොකරන බවට වමේ කේන්ද්‍රය අවධාරණය කරයි.
එහි සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ප්‍රතිපත්තිමය එකඟතාවක් ස්ථිර විය යුතු බවයි.
එසේම, ʻනින්දගම් බෙදා ගන්නාʼ සේ රාජ්‍ය ආයතන බෙදා ගැනීම වෙනුවට ආර්ථිකය හසුරැවන ʻමොඩලයʼ කුමක්දැයි ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා විසින් වහාම රටට අවධාරණය කළ යුතු බවද හෙතෙම පවසා සිටියි.