ශ්රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂ නායකකම ඉල්ලා සිටින බවත් අග්රාමාත්යවරයා ලෙස රනිල් වික්රමසිංහ මහතා කටයුතු කරනු ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්රාමාත්යවරයා අරක්ෂා කරන්නේ ජනපතිවරයා බවත් හෙතෙම පැවසීය.
“විපක්ෂ නායකකම අපි ඉල්ලා සිටිනවා. අපි කිව්වේ ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරයෙක් එනවානම් අපේ සහාය එළියේ ඉඳන් දෙනවා කියලයි. අපි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරයෙක්ට එක දෙන්නේ නෑ.
අපි විපක්ෂයේ සිටිනවා අපි බලාපොරොත්තුවෙනවා නියම සුදුසු ස්ථානය දෙයි කියලා. ජනාධිපතිට උපදෙස් ඕනද? ජනපති විධායක කියලා අමතක කරන්න එපා.“ යැයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.