අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉවත් නොවන ලෙසට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දුරකතනයෙන් පැවැසූ බවට අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදී කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මේ හරහා ජාත්‍යන්තරත් ජනතාවත් නොමඟ යැවීමට කැබිනට් ප්‍රකාශකවරයා කටයුතු කරන බවයි. ජනතා තීන්දුව පැහැදිලි බවත් රජය වෙනස්විය යුතු බවත් ඒ අනුව මහ මැතිවරණයක් කැඳවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.