ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කඩා ඉහිරුවමින්, තවත් වසර ගණනක් රට පාලනය කිරීමට එක්සත් ජාතික පක්ෂයට දොල පිදේනි දේවි යැයි තමන් මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ බියෙන් පසුවන බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
හෙතෙම මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (02දා) පැවැති මාධ්‍ය හමුවකදීය.
ඒකාබද්ධ පාගමනේ හැසිරීම හා පැමිණීම යන දෙකම අසාර්ථක බවත්, මහින්ද රාපක්ෂ මහතාට ඉතිරිව ඇත්තේ හමුදා කුමන්ත්‍රණයක් මගින් බලය උදුරා ගැනීම පමණක් බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
එසේ වූවද හමුදා කුමන්ත්‍රණයක් තබා හමුදාධිපතිවරයෙක් ඡන්දයට ඉදිරිපත් වීමටවත් රටේ ජනතාව අනුමත නොකරන බව සරත් ෆොන්සේකා මහතාගෙන් ඔප්පු වී ඇති බව හෙතෙම පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා මහතා,
“පා ගමනේ හැසිරීමත්, පැමිණීමත් ෆෙල්ඩ්. මිලියන් ටෝක්ස්, තවුසන්ඩ් ටෝක්ස් වුණා. ලෝක ඉතිහාසයේ ප්‍රථමවරට පුංචි දරුවෙක් ලවා සටන් පාඨ කියවලා ඒ දරුවව සිපගෙන තවත් ඒවා කියන්න උසි ගැන්වුවා.
හූ තිබ්බේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේ අම්මට. හූ තිබ්බේ අපේ පක්ෂයේ සිරිමාවෝ මැතිනියට, බණ්ඩාරනායක මහත්මයට, මහින්ද රාජපක්ෂ මහත්මයට, මහින්ද මහත්මයා ආදරය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොවෙයි. සිරිකොතට, නාමල්ට දේශපාලනය නැතත් බ්රේක් ඩාන්ස්වලින් ඩාන්සින් ස්ටාර් වෙන්න පුළුවන් කියලා ඔප්පු කරලා තියෙනවා.
මහින්ද මහත්මයට, නාමල් බබාට, බැසිල් අලි බබාට බලය ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා. ඒත් තමන්ගේ අම්මාට කෙළ ගැහුවා වගේ වැඩක් කළේ* යැයි සඳහන් කළේය.