තමන් ආණ්ඩුවට එකතු වී තනතුරු ලබාගැනීමට නියමිත බවට පළවන වාර්තා අසත්‍ය බවත්, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මානසිකත්වය බිඳවැට්ටවීම සඳහා කිසියම් පිරිසක් ගෙනයන වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් ලෙස එය සැලකිය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද යාපා අබේවර්ධන හා මනූෂ නානායක්කාර යන මහත්වරු අදට පැවසූහ. එම මන්ත්‍රීවරුන් සඳහන් කළේ රජයේ පාර්ශ්වයෙන් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් නොවූ බවත්, එවැනි සාකච්ඡාවකට සහභාගී නොවූ බවත්ය.