හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත්කර තිබේනම් එය වැරදි බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවැසීය.
අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව ඉවත් කර ඇත්නම් ඒ වෙනුවෙන් විරුද්ධව කටයුතු කිරීමට තමන් පෙරමුණ ගන්නා බවද සඳහන් කළේය.
කෙසේ වෙතත් එය හිටපු ජනපතිවරයාව මුරුංගා අත්තේ තැබීමට හෝ ඔහුට සුදු හුණු ගෑමට තමා කටයුතු නොකර බවද පැවැසීය.
එසේම තමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීම පිළිබඳව පසුතැවෙන බවද මෙහිදී මර්වින් සිල්වා මහතා පැවැසීය.
ඡායාරූප ප්‍රදීප් දිල්රුක්ෂණ