හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීමට වෘත්තීය සමිති 200 ක් පමණ වීරකැටිය මැදමුලන වලව්වට හෙට (01දා) යන බව ඒකාබද්ධ වෘත්තිය සමිති බලමණ්ඩලයේ කැඳවුම්කරු පියසිරි විජේනායක මහතා ප්‍රකාශ කළේය.
නාරාහේන්පිට අභයාරාමයේදී අද (30දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒමහතා වැඩිදුරටත් සඳහන් කළේ, අධ්‍යාපනය, දුම්රිය, ලංගම, වරාය, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් මෙම වෘත්තීය සමිති එක්වන බවයි.
යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු දුම්රිය සේවයේ පමණක් සේවකයන් 3000 ක් එළියට ඇදදමා අලුතින් 450 දෙනෙකු බඳවාගෙන ඇතැයි හෙතෙම පවසා සිටියේය.