මහින්ද මට කතා කළා - රනිල්
- 17 02 2018
- 09:30
- {{hitsCtrl.values.hits}} views
- . .
තමා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වන බවට පාර්ලිමේන්තුවේ රාවයක් පැතිර යෑම හේතුවෙන් හිටපු ජනපති තමාට කතා කරමින් එය සත්‍යක්දැයි විමසූ බවත් එවැනි කිසිවක් නොමැති බව තමන් පැවැසූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ඊයේ (16දා) මාධ්‍ය ප්‍රධානීන් හා මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
ප්රශ්නය - ඔබතුමාට හිටපු ජනාධිපතිවරයා කතා කළාද?
පිළිතුර - පසුගිය සඳුදා දිනයේ ඔහු මට කතා කළා.
ප්රශ්නය - හිටපු ජනාධිපතිවරයා ඔබට දුරකතන ඇමතුමක් ලබාදෙමින් අගමැති ධූරයෙන් ඉවත් වන්නට එපා යැයි පැවසූ බව රාජිත සේනාරත්න ඇමතිවරයා පවසා තිබුණා. නමුත් පසුව හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එය අසත්‍යයක් බවයි. ඔබට හිටපු ජනාධිපතිවරයා කතා කළ බව තහවුරු කළ හැකිද?
පිළිතුර - පසුගිය සඳුදා ඔහු මට කතා කළා. එතුමා එවිට සිටියේ පාර්ලිමේන්තුවේයි. මම අගමැති ධූරයෙන් ඉවත් වන බවට පාර්ලිමේන්තුවේ රාවයක් පැතිරී යන බව පැවසූ ඔහු එය සත්‍ය දැයි මගෙන් විමසුවා. එවැනි කිසිවක් නොමැති බවත් මම මේ මොහොතේත් අගමැති කාර්යාලයේ සිට රාජකාරි කටයුතු කිහිපයක් සිදු කරමින් සිටින බවත් මම ඔහුට පැවසුවා. ඉන්පසුව සිදු වුණේ තවත් තොරතුරු කිහිපයක් කතාබහ කිරීමයි.
ප්රශ්නය - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ යම් සබඳතාවක් පවත්වා ගෙන යමින් ඔහු ආරක්ෂා කළා යැයි ඔබට දිගින් දිගටම චෝදනා එල්ල වුණා.
පිළිතුර- මම කිසිවෙකුත් ආරක්ෂා කරන්නේ නැහැ. මම මහින්ද රාජපක්ෂවත් ඉතා හොදින් හඳුනනවා. විවිධ කටයුතු සඳහා කතාබහ කිරීම හැර වෙනත් කිසිඳු සම්බන්ධතාවයක් නැහැ. මම විපක්ෂනායක ලෙස කටයුතු කරන ලෙසත් අගමැති සහ සභානායක ලෙස කටයුතු කරන විටත් පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයෙකුට මට කතා කිරීමේ හැකියාව තිබුණා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


