හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් රුපියල් බිලියනක වන්දි ඉල්ලා ලිපියක් යොමු කර තිබේ.
පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී මංගල සමරවීර මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් හිටපු ජනපතිවරයාගේ ප්‍රතිරූපයට හානියක් සිදු වූ බව කියමින් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥ අතුල ප්රියදර්ශණ සිල්වා මෙම එන්තරවාසිය යොමු කර තිබේ.
එය නොගෙවන්නේ නම් නීති මගින් කටයුතු කරන බවද නීතිඥවරයා සඳහන් කරයි.
මංගල සමරවීර මහතා පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසුවේ මහින්ද රාජපක්ෂ පවුලට ඩොලර් බිලියන 18ක වත්කම් පවතින බවයි.