හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එවකට හිටපු කොටි නායක ප්රභාකරන් සමග එකතුවී ඔහුට මුදල් ලබා දී තමාට ජනපති වීමට තිබූ අවස්ථාව නැතිකළ බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
පසුගියදා වරකාපොළදී පැවැති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.
“කොටි සංවිධානයත් සමග ඇතිකරගත් ගිවිසුමෙන් පසුව මහින්ද රාජපක්ෂ, ප්රභාකරන්ට මාසිකව ගෙවීමක් කළා. ඒ රාජපක්ෂ පවුලේ අයට හිරිහැරයක් කරන්න එපා කියලයි.හැබැයි එයා ඒක කළේ පුද්ගලික මුදල් වලින් නෙමෙයි. රාඩා ආයතනයෙන් ගෙවල් හදන්න කියලා මිලියන 2000ක් දුන්නා. ඒ මුදල් තමයි ටික ටික එහෙට යැවුවේ”