හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදනමකින් තොරව රැකියා නිර්මාණය කිරීම හා විවිධ ව්‍යාපෘති වෙනුවෙන් ණය ලබා ගැනීමේ ප්‍රතිඵල ලෙස රජය දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි අමාත්‍ය දයා ගමගේ මහතා පැවැසීය.
කතරගම කිරිවෙහෙරදී ඊයේ (02දා) පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
"ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මිහින් ලංකා, තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් රුපියල් බිලියන දාහකට වඩා ණය කරලා. මේ සමහර ණය පොත් වලට එකතු කරලාත් නෑ. මේ වැරදි ඔක්කෝටම අද කරගහන්න වෙලා තියෙන්නේ සම්මුතිවාදි ආණ්ඩුවටයි"