මහින්ද රාජපක්ෂ මහතාගේ සැලුන්දොර ඉබේ වැසී, ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතාගේ සැලුන්දොර විවෘත වී ඇතැයි සමාජ සේවා සුබසාධන හා පංශු සම්පත් ඇමැති පි.හැරිසන් මහතා අනුරාධපුරයේ අද (05දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබාදෙන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඇතැමුන් ප්‍රකාශ කළද, එය ස්ථිරවම ප්‍රකාශ වී නැතැයි ද ඒ ගැන සැකයක් පවතින බවත් ඔහු පැවැසීය. ජනවාරී 08 වැනි දින එක්සත් ජාතික පක්ෂය සමග මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතිකරගත් එකගතාවයෙහි වෙනසක් සිදුවී නැති බවත්, මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයට පැමිණියද එය එ.ජා.පයට ගැටලුවක් නොවන බවද ඔහු පැවැසීය. එළුවා මුට්ටියට ඔලුව දාගෙන මුට්ටියයි ඔලුවයි දෙකම නැති කරගත්තා මෙන් මහින්ද රාජපක්ෂටද අවසානයේ කිසිවක් ඉතිරි නොවන අමාත්‍යවරයා කීවේය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් බබෙක් නොවන බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා එදා ජනාධිපතිවරණයේදී පරාජයට පත් වූයේ නම් ඒ මහතාට අත්වන ඉරනම ගැන ජනාධිපතිවරයා බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ ගුණ සුවද හා ගද ගැන මෛත්‍රීපාල සිරිසේන මහතා තරම් දන්නා කිසිවකුත් නොමැති නැති බවත් ඔහු අණුවන තීරණයක් කිසිදා නොගන්නා බව ස්ථිර යැයිද අමාත්‍යවරයා කීවේය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන 07 ම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බවත්, ශ්‍රි.ල.නි.පයේ ප්‍රබලයන් විසිදෙනෙකු වැඩි ගණනක් එජාපයට එකතු වීමට සාකච්ජා කරමින් පවතින බවත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුද ඒ අතර සිටින බවත්, ඉදිරි මහ මැතිවරණයෙන් එ.ජා.පය ස්ථිරවම ජය ගෙන ශ්‍රි.ල.නි.පය සහ තවත් පක්ෂ කිහිපයක් එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටවන බවද ඔහු පැවැසීය.
තිසර සමල්/ අනුරාධපුර චතුරංග