එක්සත් ජානතා නිදහස් සන්ධානයෙන් ඉදිරි මහමැතිවරණයට තරග කිරීමට තමන් අද (09දා) දින නාමයෝජනා සඳහා අත්සන් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ යන මහත්වරුන් සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළහ.
එසේම බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ද නාමයෝජනා ලැබෙන තත්ත්වයක් තිබෙන බව විමල් වීරවංශ මහතා පැවසීය.
නාරාහේන්පිට අභයාරාමයේදී අද පෙරවරුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාමයෝජනා ලැයිස්තුවට අත්සන් තැබූ බවයි.
ඡායාරූප අනුග්‍රහය - චරිත් හේරත් ට්විටර් ගිණුම