"මහින්දගේ කට නිසා ආයේ නහින්න යනවා. එතුමා දේශපාලන අතින් චන්ඩියෙක් වෙන්න යනවා. නිකමට හරි මහින්ද ආවොත් මේ රටේ ද්‍රවිඩ, මුස්ලිම් ප්රගතිශීලි පක්ෂවලින් මහින්ද පලිගන්නවා. මහින්ද මෛත්‍රී සුසංයෝගයක් අද මේ රටේ නෑ. මහින්ද තනිවෙලා ඉන්නේ. අනික මහින්ද එක්ක එකතු වෙන්න මෛත්‍රීට සදාචාරාත්මක අයිතියකුත් නෑසිංහයෝ අද පූසෝ වෙලා. හිටපු ජනපති නැතුව අද ඡන්දය ඉල්ලන්න බැරිලු. මහින්ද නැතුව පක්සෂට ඇයි ඡන්දය ඉල්ලන්න බැරි. අපිටත් මේ ප්රශ්නය තිබුණා. රනිලුයි සජිතුයි කොටවන්න හැදුවා. අපි සැලුණේ නෑ. එහෙම කරපු අයට අද මොකද වුණේ. අපි රනිල් අගමැති කළා" යැයි ඌව ප්‍රධාන ආමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
අද (01දා) ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.
'මහින්ද රාජපක්ෂ ඡන්දය ඉල්ලනවාලු. නමුත් කොහෙන්ද කියලා තාම කතාවක් නෑ. බංකොළොත් වෙලා කියලා කියන්නේ මේකට. මේ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩීම. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිට්ඨ ධම්මවේදනීය කර්මය ඵල දෙනවා. මහින්ද මා ඉතිං යන්න යනවා මට යන්න අවසරයි කියලා කියාගෙනම යන්න මේ පාර නම් වෙනවා.
අද නිමල්ට, ඩිලාන්ට ගමට යන්න බැරි නිසා මහින්ද ගේන්න යනවා. නිමල් සිරිපාල මගෙන් කොපි කරගෙන 'නි' යන්නේ මල් තුනක් ගහලා පෝස්ටර් ගහලා. ඡන්දයේදී නිමල්ට මල් පිපෙන්නම දෙනවා. මහින්ද එක්ක මෛත්‍රීපාල ජනපතිට එකතුවෙන්න බෑ. එකතු වුණොත් ලබන්න ඉන්න පරාජය දෙගුණ තෙගුණ වෙනවා. අපි කාගෙන්වත් පලිගන්නේ නැහැ. පලිගත්තා නම් අද මහින්දට ඉන්න වෙන්නේ මැදමුලනේ නෙමෙයි" යැයි ඌව ප්‍රධාන ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.