හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස සිය මැලේසියානු සංචාරය නිමවා අද (05දා) නැවතත් ශ්රී ලංකාවට පැමිණියහ. මැලේසියාවේ ක්වාලාම්පූර් සිට පැමිණි ශ්රී ලංකන් ගුවන් යානයකින් ඔහු මෙසේ දිවයිනට පැමිණියේය.
හිටපු ජනපතිවරයා මැලේසියාවේ පැවැති ආසියානු දේශපාලන පක්ෂ සම්මේලනයට එක්වීමට මැලේසියාව බලා පිටත්ව ගිය අතර එහිදී ඔහු එම සමුළුවද ඇමතීය. එසේම හිටපු ජනපතිවරයාට එරෙහිව මැලේසියාවේදී කොටි හිතවාදීන් විසින් විරෝධතාවක්ද පැවැත්වීය.