හිටපු ජනාධිපති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට එරෙහිව උසාවි යන තෙක් මඟ බලා සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියේය.
මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ((15දා) පැවැති මාධ්‍ය හමුවක් අතරවාරයේදී ඒ මහතා මේ අදහස් පළ කළේය.
මතභේදයට ලක්ව ඇති බැදුම්කර ගනුදෙනුව සඳහා අනුමැතිය ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කර උසාවි යන බවට ප්‍රකාශ කර මේ වනවිට දින 21 ක් ගත වී ඇති බවත්, සිය නිර්දෝෂභාවය ඔප්පු කිරීම සඳහා ඔහු ඉදිරිපත් විය යුතු බවත් අමාත්‍යවරය මෙහිදී සඳහන් කර සිටියේය.
''දැන් උසාවි යනවා කියලා දවස් 21ක් ගිහිල්ලා. බන්දුල, ජී.එල්. වගේ එයාගේ බළල් අත් තමයි කතා කරන්නේ. මම තාම කියන්නේ උසාවි යනකං තමයි මාත් මඟ බලාගෙන ඉන්නේ. මේවා හන්දි ගානේ කතා කරනවා මිසක් අවශ්‍ය තැනේ කතා කරන්නේ නෑ. මම අභියෝග කරනවා උසාවියට එන්න කියලා.'' අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.