ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂයට අත ලකුණින් තරග කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහාය දක්වන බවට මේ දක්වා තමන්ගේ කණ්ඩායමට දන්වා නැතැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග මහතා පැවසීය.
"මම දැනුවත්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහෙම එකඟතාවකට ඇවිත් නැහැ. මොකද මැතිවරණයකුත් නැතිව දිනයකුත් නැතිව එහෙම තීරණයක් ගන්න එකක් නැහැ.පළාත් පාලන ආයතන විසිරෙව්වේ වර්තමාන ජනාධිපතිතුමා. යූ.එන්.පී. ආණ්ඩුවක් එකතු වුණාම මේ සිද්ධිය වුණේ. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මන්ත්රීවරුන්ට ජනතාවට සේවයක් කිරීමට තිබූ අවස්ථාව එමගින් නැති කළා.
ඒ වෙලාවේදී සන්ධානයෙන් තනතුරු ගත්තු මැති ඇමතිවරු මේ මන්ත්රීවරු වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. ඒ අය ඇමතිකම් අරගෙන වරප්රසාද ගත්තා. මහින්ද මහත්තයා ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කණ්ඩායමත් එක්ක. එහෙම තීන්දුවක් ගත්තා කියලා එතුමා අපට දැනුම්දීලා නෑ.ශ්රී ලංකා එකයි යූ.එන්.පී එකයි එකතු වෙලා ඉල්ලනවා කියලා කතාවකුත් තියෙනවා. අපි ඕවා ගැන දන්නේ නැහැ." යැයි මන්ත්රීවරයා වැඩිදුරටත් පැවසීය.