බෙංගාල බොක්කේ සාගර කටයුතු පිළිබඳ විද්‍යාත්මක ඇගයීමක් සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවිර මහතා ඇමෙරික එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ.
බෙංගාල බොක්ක අවට සාගර කළාපය පිළිබඳව සිදුකරන විද්‍යාත්මක අධ්‍යන සඳහා ශ්‍රී ලංකාවේ නාරා ආයතනය හා ඇමෙරිකාවේ නොට්රිඩෙම් විශ්වවිද්‍යාල අතර පවතින ගිවිසුම 2017 වසරේ සිට තවත් වසර පහක් දක්වා දගු කිරීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට මෙම සංචාරය අතරතුළදි බලාපොරොත්තු වෙයි.
නාරා ආයතනයේ සභාපති අනිල් ප්‍රේමරත්න මහතාද මෙම සංචාරය සඳහා එක්ව සිටියි. ඔවුහු ඊයේ (22දා) දිවයිනෙන් පිටත්ව ගියෝය. ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පත ඇමෙරිකාවට අපනයනය කිරීම පිළිබඳවත් මෙහිදි සාකච්ඡා කිරිමට නියමිතය.