පසුගිය ආණ්ඩු සමයේ 2011-01-01 දින සිට 2015-01-08 දක්වා කාලපරිච්ඡේදයේදි මහාමාර්ග අංශයේ සිදුකළ විශාල ආයෝජනවල මූල්‍ය, තාක්ෂණික, පරිපාලන ක්‍රියාපටිපාටිවල බරපතළ අලාභ සිදුවී ඇති බැවින් ඒවා නිශ්චය කිරීමට සහ කරුණු අනාවරණය කිරීමට මහාමාර්ග අංශයේ දූෂණ විමර්ශන ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
එමෙන්ම ඉදිරියේදී එවැනි අක්‍රමිකතා සිදුනොවීමට අදාළ ක්‍රියාපටිපාටි වෙනස් කිරීමද මෙහි අරමුණ වේ. මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ යෝජනවාක් අනුව මෙම ඒකකය පත්කෙරේ.