හෝමාගම ඉදිවෙමින් පවතින තාක්ෂණික නගරය හා කටුනායක යෝජිත ගුවන් නගරය ආදිය සැලසුම්කරනය හා ඉදිකිරීම පිළිබඳ කොරියානු තාක්ෂණික සහයෝගය ලබාගැනීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
ඒසඳහා වන අවබෝධතා ගිවිසුමය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය හා කොරියාවේ ඉඩම්, ප්‍රවාහන හා යටිතල පහසුකම් අමාත්‍යාංශය අතර අත්සන් තැබිණි.
අදාල ගිවිසුම සඳහා කොරියානු පාර්ශවයෙන් ඉඩම්, යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍ය කන් හො ඉන් අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා පාර්ශවයෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්සන් තැබුවේය.
කොරියානු රාජ්‍ය සමාගම් විසින් ඉදිකරන නව නිවාස ව්‍යාපෘති හා සුහුරු නගර පිළිබඳවද ඉන්චන් ප්‍රදේශයේ ඉදිකරමින් යන වරාය, ගුවන් හා තාක්ෂණික නගරය පිලිබඳව ශ්‍රී ලංකා නියෝජිතයින් නිරීක්ෂණ චාරිකාවක නියැලුණු අතර ජුනි මස මැද කොරියානු අමාත්‍යවරයෙකු හා ව්‍යාපාරික නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමටද නියමිතය.
කොරියාවේ ඉහළ ගණයේ ව්‍යාපාරයන් වන සැම්සුන්, හුන්ඩායි, එල්එච්, පොස්කෝ ඇතුළු සමාගම් රැසක නියෝජිතයින් හට මහානගරය පිළිබඳ දැනුවත් කිරීමේ සංවාදයක්ද පැවැත්විනි.