මහා වැසි හා තද සුළං සහිතව මෝරා සුළි කුණාටුව බංග්ලාදේශයේ ගිනිකොණ දිග ප්‍රදේශයෙන් එරටට ඇතුළු වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
සුළඟේ වේගය පැයට කිලෝමීටර් 117ක් වන බවත් මේ වන විට සුළි කුනාටුව හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති සංඛ්‍යාව 300000ක් පමණ වන බවත් වාර්තා වෙයි.
මෙම සුළි කුණාටුවේ බලපෑම් ඉන්දියාවේ හා මියන්මාරයේ ඇතැම් ප්‍ර දේශවලටද එල්ල වීමට නියමිතය. ශ්‍රී ලංකාව හරහා කුනාටුව ගමන් ගත් අතර එයින් ශ්‍රී ලංකාවේ 180ක් පමණ ජීවිතක්ෂයට පත්විය.