පසුගිය රජයේ මහා මාර්ග අමාත්‍යාංශයේ සිදු වූ බව කියන වංචා දූෂණ පිළිබඳව රටට හෙළිකරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවැසීය.
ඊයේ (14දා) කෑගල්ලේදී පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
එසේම මහා මාර්ග අමාත්‍යාංශය විවිධ ආයතන සඳහා රුපියල් මිලියන 350ක පමණ ණය වී තිබෙන බවත්, පසුගිය රජය විවිධ ලෙස මාර්ග සෑදීම සඳහා මුදල් වෙන්කර තිබුණත් එසේ මාර්ග ඉදිකර නැති බවත් ඔහු පැවැසීය.
ඒ අනුව ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල්වලට සිදූවූ දේ සොයා බැලිය යුතු බවත් ඔහු සඳහන් කළේය.