මහා භාණ්ඩාගාරය හිස් කරලා - මෛත්රී
- 13 12 2014
- 19:42
- {{hitsCtrl.values.hits}} views
- පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්
ඡන්ද දායකයන්ට විවිධ භාණ්ඩ බෙදා දීම සඳහා ආණ්ඩුව කන්ටේනර් පිටින් භාණ්ඩ ඇණවුම් කර ඇති බවත් මහා භාණ්ඩාගාරය හිස් කර ඇති බවත් පොදු අපේක්ෂක මෛත්රිපාල සිරිසේන මහතා කියයි.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (13) දා පොලොන්නරුව ප්රදේශයේ පැවතී මහජන හමුවකට එක්වෙමින්ය.
එසේම ආණ්ඩුව ලබාදෙන සියලු දෑ ලබාගන්නා ලෙසත් ඡන්ද පොළට ගොස් හංසයාට ඡන්දය ප්රකාශ කරන ලෙසත් ඔහු කීය.
" මොබයිල් ෆෝන්, බයිසිකල්, සාරි, ඔරලෝසු, කන්ටේනර් ගණන් එනවා . ජනතාවට කියන්නේ සියලු දේ අරගන්න, ඡන්දපොළට ගිහින් හංසයාට ඡන්දෙ දීලා මුළු මහත් ජාතියේ ඉරණම විසඳන්න කියලා. මෙහෙම ඡන්ද දායකයින්ට පගාව දුන්නු ,ආණ්ඩුවේ සල්ලි බෙදපු , ආණ්ඩුවක් ඉතිහාසයේ නෑ. රාජ්ය දේපල ,රාජ්ය වත්කම්, භාණ්ඩාගාරය හිස් කරලා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

