ලක්ෂ ගණනක් පාරිභෝජනය කරන මේ රටේ ප්‍රධානතම ගංඟාව වන මහවැලි ගඟට 98.3% ක් අසූචි මිශ්‍ර වන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය සඳහන් කළාය.
ගම්පොළ නගර සභා සෞඛ්‍ය අංශය මගින් සැලසුම් කර ඇති අර්ධ නාගරික නිවාස 2000ක් සඳහා ක්‍රියාත්මක ගෘහස්ථ කොම්පෝස්ට් වැඩසටහන යටතේ නොමිලේ බඳුන් බෙදාදීම වෙනුවෙන් ගම්පොළ නගර ශාලාවේ පැවති උත්සවයකදී එතුමිය මේ බව සඳහන් කළාය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය
“වෙනදාට වඩා පරිසරය ගැන සිතිය යුතු කාලයක් එළැඹ තිබෙනවා. පරිසරය ගැන, පිරිසුදුකම ගැන නොහිතපු නිසා ඩෙංගු වසංගතය පැමිණිලා විශාල විනාශයක් සිදුවෙනවා.
දැන් තමන්ගේ ජීවිත බයට පරිසරය ගැන ටිකක් මේ අය හිතුවත්, අපේ ජලය ගැන මේ අය හිතල නෑ. මේ නිසාම මිනිසුන්ගේ කැසිකිළි වැසිකිළි කරකවලා තියෙන්නේ අපේ මේ ප්‍රධාන ගංඟාවටයි.
ඒ නිසා දැන් මහවැලි ගඟ සම්පූර්ණයෙන්ම අසූචි ගොඩක්බවට පත්වෙලා.
අපි මධ්‍යම පළාත ආවරණය වන පරිදි රහස් කැමරා සවි කරනවා. දැනටම ඒ සඳහා පෞද්ගලික ආයතනයක් ඉදිරිපත්වෙලා තියෙනවා. පොලීසිය මැදිහත් වී එය ක්‍රියාත්මක කරනවා.
දැන් ලබන මස ඉඳලා ප්ලාස්ටික් තහනම් කරනවා. ඒ වෙනුවට අපි විකල්ප සෙවිය යුතුයි. අපේ ව්‍යවසායකයන්ට මේක අවස්ථාවක්. මේ නිසාමේ පරිසර ගැටලුවට එකම විසඳුම නම් අපි කෘත්‍රිම නොවී සරල වීමයි" යනුවෙන් පැවසුවාය.