මහියංගන රජමහා විහාරයට ආසන්නව මහවැලි ගඟේ වැල්ලේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ ඇටසැකිල්ලක් අද (08දා) පෙරවරුවේ සොයාගත් බව මහියංගන පොලීසිය පවසයි.
මෙම මල සිරුර සති දෙකක් පමණ කල්ගතවීම හේතුවෙන් හඳුනාගත නොහැකි තරමට හානි වී ඇති අතර, ඒ ආසන්නයේ තිබී හැරමිටියක්, නිල් පැහැති පාවහන් යුවළක්, තුවායක් හා වතුර බෝතලයක් සහිත ඉටි බෑගයක් ඇට සැකිල්ල අසල තිබි සොයා ගෙන ඇත.
මෙසේ මියගොස් ඇති පුද්ගලයා වයස 50-60 අතර වයසේ පසුවන පුද්ගලයෙකුගේ බවට සැක කරන බවත් මේ වනතුරු අනන්යභාවය තවුරු කර ගැනිමට නොහැකිව ඇති බවට මහියංගන පොලිසිය සඳහන් කරයි.
මහේස්ත්රාත් පරික්ෂණය හා මරණ පරික්ෂණය සිදු කිරිමට නියමිතව ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් මහියංගනය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
මහියංගණ - රංජිත් කරුණාවිර