මහවැලි අධිකාරිය යටතේ පවතින දැනට භාවිතයට නොගන්නා ගොඩනැගිලි නිසි ක්‍රමවේදයක් යටතේ ප්‍රමුඛතාව අනුව සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා ලබාදීමට කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.
ඒ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ මෙතෙක් කි‍්‍රයාත්මක වැඩසටහන්වල ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (21දා) පෙරවරුවේ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදීය.
ඉදිරියේදී ඇතිවිය හැකි වියළි කාලගුණික තත්ත්වයන් පිළිබඳ අවබෝධයෙන් යුතුව ජලාශවල පවතින ජල මට්ටම නිසි අයුරින් කළමනාකරණය කරගනිමින් ඉදිරි වගා සැලසුම් සකස් කරගැනීමට ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.